spot_img
spot_img

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කාදිනල් හිමිගේ ධුර කාලය දීර්ඝ වෙයි!

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සම්පූර්ණ වීමෙන් පසු සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය වතිකානුව වෙත යොමු කර තිබුණ ද, උන්වහන්සේට වයස අවුරුදු 80 දක්වා සිය ධුරයේ රැඳී සිටීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

නව පාප් වහන්සේ නමක් තේරීමේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු කාදිනල්වරයෙකු සතු මූලික සුදුසුකම් වයස අවුරුදු 80 දක්වා පවතින බැවින්, කාදිනල් හිමිපාණන්ට තවදුරටත් සිය ධුරයේ රැඳී සිටිමින් සේවය කළ හැකි බව පියතුමා පෙන්වා දුන්නේය.

තවදුරටත් සේවය කිරීමට ශක්තිය පවතින බැවින් දිගටම සේවයේ නිරත වන්නැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ද කාදිනල් හිමිපාණන්ට පෞද්ගලිකවම පවසා ඇති බව ද මෙහිදී සඳහන් විය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කාදිනල් හිමිපාණන් කරන මැදිහත්වීම අතිශය වැදගත් බව පැවසූ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් රඳවාගෙන ප්‍රශ්න කිරීම හරහා මෙතෙක් සැඟවී තිබූ සත්‍ය තොරතුරු ඉදිරියේදී රටටම හෙළිවනු ඇතැයි කතෝලික ජනතාව ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටින බව ද වැඩිදුරටත් කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...