Thursday, June 4, 2026
spot_img
spot_img

නාමල් තාම ජනාධිපති වෙන්න ලෑස්ති නැහැ –  මහින්ද

නාමල් රාජපක්ෂ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බවට පළ වන අදහස්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තම පුතු වන නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට තරඟ කිරීම සඳහා තවමත් සූදානම් නොමැති බවයි.

නාමල් රාජපක්ෂ,  පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුරට පත් කළ අතර ඔහුට ජනාධිපතිවරණයකට තරඟ කිරීම සඳහා තව කාලය අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණ විසින් මේ සම්බන්ධයෙන් නිසි අවස්ථාවේදී සාකච්ඡා කරන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...