spot_img
spot_img

ජනාධිපති අපේක්ෂකයන්ගේ නානාප්‍රකාර ඡන්ද ලකුණු

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ඡන්ද ලකුණු 196 න් 28ක්​ම විවිධ සතුන් බව මැතිවරණ කොමිසම පවසනවා.

කැරට් අලය, චොක්ලට්, පාන්ගෙඩිය, කේක්ගෙඩිය, ටොෆිය, මිදි පොකුර පලතුරු කූඩය,අයිස් ක්‍රීම්, ඉරිඟු කරල, වට්ටක්කා ගෙඩිය කජු, පුහුලම, ඇපල් ගෙඩිය, කොස් ගෙඩිය, අඹ ගෙඩිය ජම්බු ගෙඩිය, අන්නාසි ගෙඩිය, පොල් ගෙඩිය වැනි ආහාර ද්‍රව්‍ය රැසක්ද මෙවර ඡන්ද සලකුණු වලට ඇතුළත්වී තිබීම විශේෂත්වයක්.

මීට අමතරව ෆයිල් කටුව, කුරුලු පිහාටුව, ආරක්ෂි​ත කැමරාව,ඉන පටිය,ගෑසිලින්ඩරය, ඔන්චිල්ලාව, කැට පෝලය, අශ්වලාඩම,ජංගම දුරකථනය වැනි විශේෂිත ලකුණද මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ ඡන්ද සලකුණු අතරට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතව එම ගැසට් නිවේදනය පසුගිය 10 වැනි​දා නිකුත් කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...