spot_img
spot_img

මෙට්‍රො බස්වලින් පාඩුයි ඉන්ධන දහනය වැඩියි අවසානයේ පාඩුව මහජන බදු මුදලින්.. – ගැමුණු ජනතාව වෙනුවෙන් කිබුල් කදුළු හලයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ආරම්භ කර ඇති නව මෙට්‍රෝ බස් රථ සේවාව හේතුවෙන් මෙරට බදු ගෙවන්නන් දැඩි මූල්‍ය පීඩනයකට ලක්වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැමුණු විජේරත්න මහතා මතු කළ කරුණු අතර, මෙම මෙට්‍රෝ බස් රථ ක්‍රියාවලිය නීතිමය රාමුවෙන් බැහැරව සිදුවන බවත්, පවතින ආර්ථික වටපිටාව තුළ මෙවැනි බස් රථ විදේශ රටවලින් ආනයනය කිරීම ප්‍රශ්න කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බස් රථ සඳහා සාම්ප්‍රදායික බස් රථවලට සාපේක්ෂව අධික ඉන්ධන ධාරිතාවක් වැය වන බවත්, නඩත්තු කටයුතු සඳහා ද අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම, මෙම ව්‍යාපෘතිය හරහා පොදු මගීන් හෝ පෞද්ගලික වාහන හිමියන් පොදු ප්‍රවාහන සේවාව වෙත නැඹුරු කර ගැනීමට නොහැකි වනු ඇති බවත්, අවසානයේ සිදුවන මූල්‍ය අලාභ පියවා ගැනීමට සිදුවන්නේ පොදු මහජනතාවගේ බදු මුදලින් බවත් ඔහු අවධාරණය කළේය.

රජය විසින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇති බවට චෝදනා කළ විජේරත්න මහතා, මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් සහ මූල්‍යමය පැවැත්ම පිළිබඳව වඩාත් විනිවිදභාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද වැඩිදුරටත් කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...