spot_img
spot_img

රජයේ පාසල්වල 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2027 සිට නව චක්‍රලේඛයක්

ලබන 2027 වසරේ සිට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි විය.

මෙම නව චක්‍රලේඛය සකස් කර ඇත්තේ අධ්‍යාපනය සඳහා සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම සහ සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණෙනි.

මෙම ක්‍රියාවලිය සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ඇති අතර, දැනට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සැලකිල්ලට ගෙන තිබේ. ඉදිරියේදී එක් එක් වර්ෂයට අදාළව මෙම චක්‍රලේඛ උපදෙස් අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරෙනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...