spot_img
spot_img

නායකත්වය රනිල්ට.? සජබ එජාප හවුල් හිවිසුම කෙටුම්පත් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය යළි එක්වෙනා රාමුව පිළිබඳ වාර්තාව මේ දිනවල සකස් කරමින් පවතින බව එම කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

ඒ අනුව එමවාර්තාව ලබන 22වැනිදා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට නියමිතව තිබේ.

කබීර් හෂීම් මහතා පෙන්වාදෙන්නේ දේශපාලන පක්ෂ දෙක එක්ව වැඩ කිරීම, එක්ව දේශපාලනය කිරීම, එක්ව මැතිවරණවලට ඉදිරිපත් වීම, එක් ප්‍රතිපත්තියක්, එක් මතවාදයක් සහ එක් සැලැස්මක් අනුව වැඩ කිරීම ඇතුළු කරුණු රැසක්ම මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරියට යා යුතු බවට විශාල බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් විශාල වශයෙන් බිම් මට්ටමේ සාමාජිකයින්ද මේ ඉල්ලීම ඉදිරිපත් කරන බවත් මේ ගැන අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ දේශපාලන කමිටුවේ ඉල්ලීමකටම අනුව මෙම වාර්තාව සකස් කිරීමට පියවර ගත් බවද කබීර් හෂීම් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේවෙතත් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ නව සංධානයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරිය යුතු බව බොහෝදෙනාගේ මතය වී ඇති බවයි.

කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවට ඉරාන් වික්‍රමරත්න ,එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන් ද අයත් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...