spot_img
spot_img

වාහන ආනයනය ගැන අලුත්ම ආරංචියක්

රට තුළ දැනට පවත්වාගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකර ආරක්ෂා කරගෙන ගියහොත් 2025 වසරේදී වාහන ආනයනයනයට පවතින සීමා විවෘත කිරීමට හැකියාවක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රටේ අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රමක්‍රමයෙන් මෙම වෙළෙඳාම විවෘත කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“වාහන ආනයනයට පවතින සීමා අපි ටිකෙන් ටික ඉවත් කළා. සංචාරකයන්ට යන්න අවශ්‍ය වාහනවල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ නීතියක් තියෙනවා අවුරුදු 6කට වඩා පැරණි වාහන ඔවුන් සඳහා පාවිච්චි කරන්නෙ නැහැ කියලා. ඒ නිසා කැබිනට් මණ්ඩලය අනුමත කළා ඔවුන් වෙනුවෙන් බස් රථ 250ක් සහ වෑන් රථ 750 ක් සංචාරක කර්මාන්තය සඳහා ගෙන්වන්නෙ. මේ වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් රටේ අවශ්‍යතාව අනුව මේ වෙළඳාම විවෘත කරන්න අපි සූදානම්” 

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...