spot_img
spot_img

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අමතර දුම්රිය හා බස් රථ ගමන් වාර යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව අප්‍රේල් 17 වැනිදා දක්වාම විශේෂ දුර ගමන් බස් රථ සේවාව ක්‍රියාත්මක බවයි.

දෛනික සාමාන්‍ය ගමන් වාර සංඛ්‍යාවට අමතරව තවත් ගමන් වාර 700ක් ක්‍රියාත්මක කර ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ බැස්ටියන් මාවත, මාකුඹුර, කඩුවෙල, කඩවත යන බස් පර්යන්තවලින් එලෙස අතිරේක ගමන්වාර සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, උත්සව සමය වෙනුවෙන් අද (10) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, ලබන 15 වැනි දා දක්වා දෛනිකව විශේෂ දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...