spot_img
spot_img

කුසල් මෙන්ඩිස්ට වීසා හිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට විසා බලපත්‍රය ලැබී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට විසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි වී තිබුණා.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු ලබා දීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් විසා බලපත්‍රය ප්‍රමාද වී තිබුණා.

එළැඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික සංචිතය මේ වන විටත් සූදානමින් සිටිනවා.

ඓCC ක්‍රිකට් ලෝක කුසලානය 2024 ජූනි 01 දින ආරම්භ වන අතර එය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් සම සත්කාරකත්වය දරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...