spot_img
spot_img

ඉරාන ජනපතිගේ අනතුරට අමෙරිකාවට චෝදනා

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අමෙරිකාවට චෝදනා කර තිබේ.
ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් මෙම චෝදනාව එල්ල කළේ ය.

ඔහු පවසන්නේ, අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.

ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුලත් වනු ඇති බව ඔහු සදහන් කර සිටී.

පෙරේදා (19) සිදු වූ අනතුරින්, ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හුසේන් අමීර් ඇතුළු 9 දෙනෙකු මිය ගියහ.

මේ හේතුවෙන් ඉරානයට දින 5ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...