Sunday, April 19, 2026
spot_img
spot_img

දේශපාලනයේ අනාත වුණු කුරුණෑගල – ගිරිඋල්ලේ අද බාලයන්ගේ කෙරුවාව මෙන්න

දේශපාලනය කියන්නේ හම්බකරන් කන රස්සාවක් නෙවෙයි.

හැබැයි කියක් හරි හම්බකරන් කන්න දේශපාලනයට ආවහම පැවැත්මක් තියෙන්නේ නැහැ.

කොහොම හරි මේ හරි අපුරු පුවත පසුගියදා වයඹට වාර්තා වුණා.

සිද්ධිය මෙහෙමයි වුණේ.

පසුගිය දින වල ප්‍රාදේශීය සභා වලට සභාපතිවරු තෙරුවනේ.

රට වටේම අලකලංචියක් වුණු මේ සභාපති වරුන්ගේ තේරීම ගිරිඋල්ල ප්‍රාදේශීය සභාවටත් එහෙමයි.

කොහෙමෙන් කොහොම හරි ජාතික ජනබලවේගයට ගේමක් ගහන්න විපක්ෂයේ වයඹ ප්‍රමුකයෝ එකතුවෙලා ලස්සන ගේමක් ගැහුවා.
හැමෝම එකතුවෙලා සමගි ජන බලවේගයේ නන්දසිරි පරාක්‍රම මහත්තය අන්තිමේ සභාපති පුටුවේ ඉන්දුවේ විපක්ෂයේ සමගිය බලය පෙන්වමින්.

අනුර ප්‍රියදර්ශන යාපලා,චරිත හේරත්ලා ලස්සනට ගහපු මේ මැච් එක නිසා තමයි විපක්ෂයට බලය ලබාගන්න පුළුවන් වුනේ..

ඔන්න එතනින් පස්සේ තමයි අර කලින් කිව්වා දේශපාලන අද බාලයෝ තමන්ට ලකුණක් දාගන්න දගලන්න පටන් ගත්තේ.

විපක්ෂය ගිරිඋල්ල ප්‍රාදේශීය සභා බලය අල්ලගත්තට පස්සේ පවත්වපු පලමු කන්ඩායම් රැස්වීමට අනුර ප්‍රියදර්ශන යාපල චරිත හේරත්ලා විපක්ෂයේ ප්‍රබලයෝන්ටත් එම ස්ථානයට එන්න කියල ආරාධනා කරේ දේශපාලනයේදී එකට ගමනක් යාම තුල මහත්මා දේශපාලන ක්‍රමය මනාවට පෙන්වීමට වගේම විපක්ෂයේ පොදු බලයත් මිනිස්සුන්ට පෙන්වන්න ඕන නිසාමයි.

ඔන්න ඔය අවස්ථාවේදී තමයි එක්සත් ජාතික පක්ෂේ වත් හරියට අදුරන්නේ නැති චන්ද 150ක්වත් ගන්න බැරි උණු දේශපාලනෙන් හම්බ කරන්න කියල හිතාගෙන දගලන දේශපාලන අදබලයෙක් අවදානය ගන්න දගලන්න පටන්ගන්නේ.

මේ අවස්ථාවට ආරාධනා කරලා තිබුණු හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංග පෙරේරා මෙම ස්ථානයට අවට පස්සේ අර කියන එජාපයේම අවදානය ඉල්ලන පුද්ගලයා නටපු නාඩගම සමාජ මාධ්‍යයේ පලකරලා තිබුනේ මෙන්න මේ විදිහට.

එජාපයේ යයි කියාගන්න පිරිසක් අසංග පෙරේරාගේ ආගමනයත් එක්ක ඉවත්ව ගියා කියල දාල.
ජන්ද 15ක් ගන්න බැරි උණු අවදානේ ඉල්ලන තුෂාර කියන මේ පුද්ගලයා යවපු කටකතාව කොහොමද කියල ඔබත් බලලම ඉන්නකෝ.

මේ තියෙන්නේ තුෂාර කියන ජන්ද 150ක්වත් ගන්න බැරි වුනු පුද්ගලයා දාන්න කියපු පොස්ට් එක :

පන්නල ආණ්ඩුපක්ෂ රැස්වීමේදී අසංක පෙරේරාගේ පැමිණීමත් සමඟ එජාප මන්ත්‍රීවරු නැගිට යයි එජාප ආසන සංවිධායක පැමිණීම ප්‍රතික්ෂේප කරයි..අසංකට එජාපයෙන්ම දැඩි විරෝදයක්..!!
ඊයේ දිනයේදී පන්නල ප්‍රාදේශීය සභාවේ පළමු ආණ්ඩුපක්ෂ කන්ඩායම් රැස්වීම පැවති අතර එම අවස්ථාවට හිටපු පළාත්සභා මන්ත්‍රී මෙන්ම සජබ හිටපු ආසන සංවිධායක අසංක පෙරේරා මහතා පැමිණ සිටි අතර ඔහුගේ පැමිණීමට එජාපයෙන්ම එල්ලවූයේ දැඩි විරෝධයකි.අසංක පෙරේරා මහතා එම අවස්ථාවෙන් ඉවත්වනතුරු වත්මන් එජාප කටුගම්පල ආසන සංවිධායක තුෂාර සම්පත් මහතා එම හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කල අතරම අනුර ප්‍රියදර්ශන යාපා,චරිත හේරත් යන මහත්වරු පැමිණෙන ලෙස ආරාධානා කලද අසංක පෙරේරා එම ස්ථානයෙන් ඉවත්වනතුරු ඔහු පැමිණීම ප්‍රතික්ෂේප කරන ලදී.
ඉන් අනතුරුව අසංක පෙරේරා මහතා ඉවත් වනතුරු එජාප මන්ත්‍රීවරු දෙදෙනාද එම අවස්ථාවෙන් ඉවත්ව ගිය අතර තත්වය තේරුම්ගත් අසංක පෙරේරා මහතා එම ස්ථානයෙන් ඉවත් විය.
අසංක පෙරේරා මහතාගේ ඉවත්වීමත් සමග සියලුදෙනා එක්ව කණ්ඩායම් රැස්වීම සාමකාමීව පවත්වන ලදී.

පන්නල ආණ්ඩුපක්ෂ රැස්වීම කියල තමයි මඩ පොස්ට් එක පටන්ගන්නෙම. පේනවනේ දේශපාලන සාක්ෂර තාවය එතනම.රටක තියෙන්නේ එක ආණ්ඩුවයි කියල මේ දේශපාලනයෙන් හම්බකරන්න ආපු දේශපාලන අද බාලය දන්නේ නැතුවනේ දේශපාලනේ කරන්න ඇවිල්ල තියෙන්නේ.

කොහෙමෙන් හරි වයබ අපිට කියන්න තියෙන්නේ කවුරු උනත් දේශපාලනේ කරනවානං එක දැනගෙන කරන්න.

බඩගෝස්තරය රක ගන්න දේශපාලනය කරන්න එපා…

මොකද වයබ කියන්නේ රටේ තීරණාත්මක මැතිවරණ මෙහෙයවපු ස්ථානයක්.

ඉතින් අපිට කියන්න තියෙන්නේ දේශපාලනයේ හය හතර දන්නේ නැතිනම් ආයෙත් මුල ඉදන් ඉගෙනගෙන එන්න කියල තමයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...