spot_img
spot_img

කමල් අද්දරආරච්චිත් මැතිවරණයට

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරඟ කිරීමට නියමිතයි.

ඒ ත්‍රිකුණාමලය දිස්තික්කය නියෝජනය කරමින්.

දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා,

“හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ.”

දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු වූ අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකෙරුණා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරනවා.

කෙසේවෙතත් දෙවන පරපුර පක්ෂය පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ අතර කමල් අද්දරආරච්චි මහතා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියා.

නමුත් මහ මැතිවරණයේදී කමල් අද්දආරච්චි මහතා දෙවන පරපුර නියෝජනය කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...