spot_img
spot_img

කාදිනල් තුමා ජවිපෙටත් රැවටෙයිද කියලා සැකයි – රංගෙ බණ්ඩාර

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙහිදී පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ කාදිනල් තුමා මුණගැසී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන බවයි.

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්නට හැදුවේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් තුමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතුව ඇති බව පාලිත රංගෙ බණ්ඩාර තවදුරටත් පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...