spot_img
spot_img

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අද (19)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය 4 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ අද දින භාරදුන් කරුණු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකිරීම තුළින් පමණක් වුවත් පාස්කු කුමන්ත්‍රණය ගැන සොයාගත හැකි බවයි.

පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත පිටු 12 කින් සමන්විතව යොමු කළ ලිපියද අද සිරිල් ගාමිණී පියතුමන් විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණා.

එළැඹෙන ඉරුදින වෙන විට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරීම නිමිත්තෙන් පාගමනක් ද සංවිධානය කර ඇති අතර  සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙස ද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී ආරාධනය කර තිබෙනවා.

“අපි ඉල්ලා සිටිනවා කතෝලික සහ කතෝලික නොවන සෑම කෙනෙකුගෙන්ම එකතු වෙන්න කියලා මේ හඬත් සමග එකතු වෙන්න කියලා. අපිට ඕනේ කතෝලිකයින්ට සාධාරණය ඉෂ්ට කරලා දෙන්න නෙමෙයි. අපිට ඕනේ මේ සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නේ අපරාධයක් කරලා සැඟවිලා ඉන්න පුළුවන් කියන සංස්කෘතිය වෙනස් කරන්න. ඒක ජාතික කාර්යයක්. ඒ වෙනුවෙන් එකතු වෙන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...