spot_img
spot_img

ඉරාන ජනපති මෙරට සංචාරයක

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් 24 වැනිදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට සුදානම් කර ඇති අතර එය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට ඉරාන ජනපති මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව, ඉරාන ජනාධිපති ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළා.

2011 වර්ෂයේදී, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ කරනු ලැබුවා.

එහෙත් පසුව ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 514ක ලබාදීමට හැකි වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පළමු වාරිකය පමණයි.

පසුව ව්‍යාපෘතියේ කටයුතු මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත සිදු කෙරුණා.

මෙම ව්‍යාපෘතිය හරහා දෛනිකව රුපියල් මිලියන 80-100ත් අතර වටිනාකමින් යුත් ජල විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙන බවද සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...