ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙනවා.
ඒ අනුව අද (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352කි.
ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.




