අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 332ක් වනවා.
එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377ක්.
ලංකා සුදු ඩීසල් සහ සුපර් ඩීසල් පිළිවෙළින් රුපියල් රුපියල් 10කින් සහ 03කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 307ක් සහ 352ක් ලෙසටයි.
භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටර්යක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.




