Thursday, June 4, 2026
spot_img
spot_img

ලොවපුරා රටවල් රැසක පරිගණක කටයුතු හදිසියේ ඇණ හිටී

සයිබර් ආරක්ෂණ පද්ධතියක් වන CrowdStrike යාවත්කාලීන කිරීමකින් හටගත් දෝෂයක් හේතුවෙන් ලොව පුරා තොරතුරු තාක්ෂණ අංශය සම්බන්ධ ආයතන රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතරට ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන ඇතුළත් බවයි.

මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත Windows භාවිත කරන්නන් මේ වන විට Blue Screen of Death (BSOD) දෝෂය අත්විඳිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෑතකදී සිදු කරන ලද CrowdStrike යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හට ගෙන ඇති.

මෙම බිඳ වැටීමෙ හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම්වල ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුව ඇති අතර දිල්ලි ගුවන් තොටුපොළේ ස්වයංක්‍රීය පද්ධති ඇණහිටීමෙන් ගුවන් ගමන් සම්බන්ධ තොරතුරු සුදු පුවරුවක සටහන් කිරීමටද සිදුව තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...