සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කිරීමට නියමිත බවට පුවතක් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරනවා.
දේශපාලන ආරංචි මාර්ගවලට අනුව සමඟි ජන බලවේගයේ සභාපති ධූරයේ වගකීම ඉටු කිරීමට කල්වේලා තිබෙන ජ්‍යෙෂ්ඨයකු වශයෙන් හඳුනාගෙන තිබෙන බාකීර් මාකාර් මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදීද සජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නකු වීම ඊට ඉමහත් සහායක් වනු ඇති බව සඳහන්.
සමඟි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන බාකීර් මාකාර් මහතා බේරුවල ආස නය නියෝජනය කරමින් 1988 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා
රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිරීමි නියෝජ්‍ය ඇමතිවරයා ද වූ හෙතෙම 2002-2004 එක්සත් ජාතික පක්ෂ රජයේ ජන මාධ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.




