spot_img
spot_img

දේශපාලනයෙන් පත්කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වහාම ධුරයෙන් ඉවත් කරන්න – ජනාධිපතිට ඉල්ලීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරවාන්විතම තනතුර වන කුලපති ධුරයට පසුගිය වකවානුව තුළ දේශපාලනික පත්කිරීමත් වශයෙන් පත්කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධව කලක පටන් කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේත්, සමස්ත සමාජයේත් දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ වු බව කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සදහන් කරනවා.

කොළඹ විශ්ව විද්‍යාලයීය කුලපති ධූරයට තෝරා පත් කරගත් තුලපතිවරුන් එම භුමිකාවට ගැළපෙන සුදුසුතම සහ මනා පරිචයකින් යුක්ත වූවත් මෙම මුරුත්තෙට්ටුවේ හිමිගේ පත් කිරීම හුදෙක් එවකට රාජ්‍ය නායකයා ස්වකීය මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම වැනි පටු කාරණා පදනම් කරගෙන සිදු කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පැවසුවා.

එනිසා දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාම මාත්‍රික තනතුරක් වුවද විශ්ව විද්‍යාලයක කුලපති ධූරය යනු එකී විශ්ව විද්‍යාලයේ ගෞරවය කීර්තිය ප්‍රකාශ වන සංකේතයක් බවද කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සදහන් කරනවා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කුලපති ධූරයට පත් කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවගේත් සමස්ථ සමාජයේත් දැඩි අප්‍රසාදයට පත් වී ඇති කරුණක් බැවින් ජනාධිපතිවරයාට ඇති විධායක බලය හරහා මෙම කුලපතිවරයා ධූරයෙන් ඉවත් කර වෙනත් කුලපතිවරයෙක් පත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...