spot_img
spot_img

ගෑස් සිලින්ඩරේ නීති විරෝධී ලෙස මැතිවරණ නීති කඩලා

ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

යතුරු පැදි පොළපාලියක් සමඟින් නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ පිළිබඳ ලැබුණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයකුගේ අනුග්‍රහය මත මෙම යතුරු පැදි පෙළපාලිය සහ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණය සිදුකොට ඇති බවද පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් ස්වාධීන ජනාධිපති අපේක්ෂයෙකුගේ ජන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු 100කට ආසන්න පාක්ෂිකයින් පිරිසක් ඊයේ දඹුල්ල නගරයේ අත්පත්‍රිකා බෙදීමක නිරතවුණා.

එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

පසුව එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් පොලීසිය එය අත්හිටුවීමට කටයුතු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...