Thursday, June 4, 2026
spot_img
spot_img

60 පැන්නොත් අනිවාර්‍යෙන් ගෙදර.. අලුත් චක්‍රලේඛයක්

හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 4 වන දින චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්‍රවනු ඇති බවයි.

අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පළකළේ මෙවන් අදහසකි.

“අද පවතින තත්ත්වය තුළ හෙදියන් තුන් දෙනෙකුගේ වැඩ එක් හෙදියකට කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ හේතුව නිසා හෙදියන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 දක්වා දික්කරන්න කියලා ඉල්ලීමක් කරා.

ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළේ නෑ. දැන් මේ සියල්ල සැලකිල්ලට ගෙන නඩුව තියෙනවා ජුලි 17 වෙනිදා. ඊට කලින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා හැමෝටම අවුරුදු 60න් විශ්‍රාම යන්න කියලා. ඇත්තටම අපිට තේරෙන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන්ට මොකද වුණේ කියලා.”

කෙසේවෙතත් හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම ගැටලුවක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී මැදිවත්ත මහතා සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...