spot_img
spot_img

කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින්, බිමල් රත්නායක ප්‍රකාශ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට රවී සෙනෙවිරත්න පත් කළේ කාදිනල්ගේ ඉල්ලීිමට යැයි කියන විට තමන් ලැජ්ජාවට පත්වූ බව සඳහන් කළ බව වාර්තා වේ.

ඒ අනුව දයාසිරි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රවී සෙනෙවිරත්න යනු පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සති ගණනාවක් තම මේසය උඩ තිබෙන්නට හැර සිය වගකීම පැහැර හැරි අයෙක් බවයි.

එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයෙක් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට නොගැනීමේ චෝදනාවක් ශානි අබේසේකරට ඇති බව ද ඔහු සඳහන් කරයි.

එනිසා එවැනි චෝදනා ඇති පුද්ගලයන් රටේ වැදගත් අමාත්‍යංශවල ලේකම් සහ අධ්‍යක්ෂ ධූරවලට පත්කිරීමට කාදිනල්ට බලයක් ඇත්නම් රටට දෙයියන්ගේ පිහිට යැයි කීමට සිදුවන බවත් දයාසිරි ජයසේකර පවසා ඇති බව සඳහන්.

ඊට අමතරව මෙම කරුණුවලින් සනාථ වන්නේ වත්මන් ආණ්ඩුව කාදිනල් විසින් පාලනය කරන තත්ත්වයට පත්ව ඇති බවද ඔහු කියා ඇත.

මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

එහිදී ඔහු තවදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ රජයේ තනතුරු පත්කිරීම්වලදී විනිවිදභාවය සහ වගවීම තහවුරු කරන ලෙස මෙන්ම රටේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපාලනය තකා මෙවැනි තීරණ ගැනීමේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙස‍යි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...