Saturday, May 9, 2026
spot_img
spot_img

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ‍ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා.

මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව එකී විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...