spot_img
spot_img

මම සජබෙට එකතු වුණේ නැහැ – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා.

මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා පවසන්නේ, තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවයි.

තලවකැලේ ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පසුගියදා (01) එක්වී තිබුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම උත්සවයේදී අර්ජුන රණතුංග මහතා වෙත උණුසුම් පිළිගැනීමක් ලැබෙන අයුරුද දැක ගත හැකි වුණා.

කෙසේවෙතත්, අර්ජුන රණතුංග මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී වූ බවයි.

නමුත් එය තමා සමගි ජන බලවේගයට එක්වීමක් නොවන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...