සර්වජන බලය පක්ෂය එඩිතර පක්ෂයක් බවත්, තම පක්ෂයේ එකම අරමුණ සතුටුදායක රාජ්‍යයක්නිර්මාණය කිරීම බවත්, කොළඹ දිස්ත්‍රික් සර්වජන බලය පක්ෂයේ අපේක්ෂක උපුල් ගමගේ මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, එඩිතර විපක්ෂයට පුරසභයෙන් ජවය දීමට තමා සූදානම් බවයි.
ඔහු ඒ බව කියා සිටියේ සර්වජන බලය පක්ෂයෙන් බටහිර රත්මලාන ආර්ථික ප්‍රදේශයේ පසුගිය 06 වැනිදා පැවති
මැතිවරණ ප්‍රචාරක රැස්වීම ඇමතූ අවස්ථාවේදීයි.
මෙහිදී උපුල් ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය දිනෙන් දින කැපී
පෙන ීමට ලක්වෙන බවයි.
එමෙන්ම ඉදිරියටත් මෙම තත්ත්වය පවත්වාගෙන යාමට ජනතාව සතුටට පත්කරමින්, ව්‍යවසායකත්වයන් සවිමත් කරමින්, ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් කටයුතු කරන බවත් උපුල් ගමගේ මහතා පවසනවා.
Comments




