Sunday, April 19, 2026
spot_img
spot_img

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්නේ කොහොමද.. අද කොළඹදී විශේෂ සාකච්ඡාවක්

වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය හෙට (07) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී, ඊට මුහුණ දෙන ආකාරය සහ අයවැය විවාදයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩමුළුව අද පස්වරු 2.00ට කොළඹදී පැවැත්වෙන බවයි.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය, අයවැය යෝජනා සහ රටේ අනාගතය සම්බන්ධයෙන් විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ, පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට සාර්ථකව සහභාගී වීම සඳහා අවශ්‍ය වැදගත් කරුණු සහ දත්ත මගින් විපක්ෂ මන්ත්‍රීවරුන් සන්නද්ධ කිරීම බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...