spot_img
spot_img

පුංචි ඡන්දයට නාමයෝජනා භාරදුන් දහස් ගණනකට සිදු වෙන්න යන දේ මෙන්න

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේදී දැනට පවතින නාමයෝජනා භාවිත කරනවාද, නැතිනම් අලුතින් නාමයෝජනා කැඳවනවාද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විසින් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත්වී තිබෙන නාමයෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ලබා ගත යුතු බවත්, මේ සම්බන්ධව පෙරේදා (25) පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී යම් යම් කරුණු සාකච්ඡා කළ බවයි.

ලබන වසරේදී (2025) පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන්කර ගෙන එය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය වෙනස් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

ලබන වසරේ ජනවාරි මස අවසානයේදී පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණයට දින නියම කර ගැනීමට බලාපොරොත්තු වන බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...