Thursday, June 4, 2026
spot_img
spot_img

පොලීසිය රට පුරා හොයන රතන හිමිට ලැබුණු නියෝගය මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරන ලද අතර එය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර තිබූ පසුබිමක මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙලෙස පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ සදහන් කරන ආකාරයට 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බව සදහන්.

එහෙයින් රතන හිමියන්ට අපේක්ෂිත ඇප ලබාදීමට විශේෂ හේතු නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කළ අතර ඒ අනුව අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අවශ්‍ය නම් භික්ෂුවට අධිකරණයට භාර වී පසුව අත්අඩංගුවට ගතහොත් ඇප ලබාගත හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...