Thursday, June 4, 2026
spot_img
spot_img

ජනපතිට ජෝක් කරන FB,Youtube අල්ලන CID මෙහෙයුමක්

ජනපති අනුර කුමාර දිසානායක මහතා මහතාගේ චරිතයට අපහස වනන ආකාරයේ නොයෙකුත් මඩ ප්‍රචාර සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම ප්‍රචාරයන්ට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා පිළිබඳව විමර්ශන සිදු කරයි.

මෙම මඩ ප්‍රචාරයන් නිර්මාණය කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන් සහ රජයට සහාය දක්වන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් භාවිත කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.එම නිසා එය සියලුම දෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව සදහන්.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනාධිපතිවරයාගේ, රජයේ සහ අමාත්‍යවරුන්ගේ කීර්තිනාමයට හානි සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා එවැනි ක්‍රියාවන්වල නිරත පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සූදානම්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...