spot_img
spot_img

විදුලි ගාස්තුව ගැන ලැබුණ ආරංචිය මෙන්න

ලබන (17) වැනිදා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් රැස්කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සදහන් කළා.

ඒ අනුව, ජනවාරි (08) දක්වා මේ සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සදහන් කරනවා.

මේ සඳහා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව info@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා එසේ අදහස් යොමුකළ හැකියි.

එමෙන්ම, මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර තැබෙන ස්ථානවල දී ද අදහස් ඉදිරිපත් කළ හැකි වේ.

එළැඹෙන නව වසරේ මුල් මාස 6 තුළත් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

මේ අනූව, එම යෝජනාව කොමිසම විසින් සමාලෝචනයට ලක් කොට තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරුව එම ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...