spot_img
spot_img

උසස් පෙළ විභාග කඩඉම දිනූ විශිෂ්ටයින් මෙන්න

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ හිමිකර ගෙන තිබෙනවා.

මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මුල්විල රාලලාගේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ විසින් හිමිකරගෙන තිබුණා.

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය විසින් හිමිකරගෙන තිබෙන අතර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු සිසුවා විසින් හිමිකර ගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...