spot_img
spot_img

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඩීසල් මිල රුපියල් 16.00 කින් පහත දැමුවද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් අඩුකිරීමට නම් ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණිය යුතු බවයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණෙන්නේ නම් බස් ගාස්තු අඩුකළ හැකි බව සඳහන් කළ ලේකම්වරයා රුපියල් 16.00 කින් ඩීසල් ලීටරයක මිල අඩු වුණත් බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4% ප්‍රතිශතයක් නොලැබෙන බව ඔහු සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 333ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16.00කින් අඩුකළ අතර, මේ වනවිට එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317ක් ලෙසයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...