spot_img
spot_img

හේමසිරි- පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද (05) නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වී තිබුණා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළැඹ තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවයි.

ඒ අනුව මෙම තීන්දු ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...