spot_img
spot_img

හරිනි කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා නඩු මගට – වගඋත්තර ලැයිස්තුවේ සියල්ලටම ඉහළ නාලිකාවකුත්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ ජාතික ජනබලවේගි රජයක් පිහිටුවීමෙන් පසු ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් ඔහු විසින් සිදුකළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට දැඩි හානියක් වූ බව පවසමින්.

ඒ අනුව එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස තිස්ස අත්තනායක මහතාට සහ මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එරෙහිව රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඇය එම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ,පසුගිය අගෝස්තු 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවේදි තිස්ස අත්තනායක මහතා සිදුකළ එම ප්‍රකාශය හේතුවෙන් තමා විශ්වවිද්‍යාල ආචාර්‍යවරියක් ලෙස ගොඩ නගාගෙන ඇති කීර්ති නාමයට දැඩි ලෙස හානි වූ බවයි.

එමෙන්ම එම ප්‍රකාශය අදාළ නාලිකාවේ පුවත්පත් විස්තර සම්බන්ධයෙන් පළකරන වැඩසටහනක විකාශය කළ බවත් එබැවින් තම කීර්ති නාමයට දැඩි ලෙස හානි වූ බවත් පවසමින් විත්තිකරුවන්ගෙන් තමන්ට රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලා තිබෙනවා.

විත්තිකරු තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි චෝදනා කරන හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම සාවද්‍ය බවද පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය අගෝස්තු මස 23 වැනිදින තිස්ස අත්තනායක කළ ප්‍රකාශයකට එරෙහිව සහ එය විකාශය කිරීම පදනම් කරගෙන අදාළ පාර්ශවයන් වෙත මන්ත්‍රීවරිය විසින් එන්ත්තරවාසි යොමු කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...