Friday, May 1, 2026
spot_img
spot_img

Breaking : කෙහෙළියට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉකුත් මාර්තු 14 වනදා ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...