Monday, April 20, 2026
spot_img
spot_img

හමාස් නායකයාගේ ඝාතනය හෙළා දකිනවා – රනිල්

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී අදහස් දක්වමින්.

මේ හේතුවෙන් ගාසා අර්බුදයට විසඳුමක් දීම තවදුරටත් ගැටලුවක් වනු ඇති බවත්, මෙම ක්‍රියාව මැදපෙරදිග ප්‍රශ්න නැවත උත්සන්න කිරීමට ඉඩ ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා.

මෙම කලාපයේ යුද්ධයක් ඇති වුණහොත් ඉන්ධන මිලට ප්‍රධාන වශයෙන් බලපෑම් කිරීම විශාල ගැටළුවක් බවයි ඔහු එහිදී අවධාරණය කළා.

මැදපෙරදිග යම් ප්‍රශ්නයක් මතු වුවහොත් 1991 කුවේට් රාජ්‍යය ආක්‍රමණය කරන විට අප රට මුහුණ දුන් ආකාරයටම මැදපෙරදිග සිටින සියලුම දෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදුවණු ඇති බවත්,එය රටට ආදායමක් අහිමි වීමට හේතු වන අතර එය නැගී එන ශ්‍රී ලංකාවට අපහසු තත්ත්වයක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කිරීමට විදේශ ඇමැතිවරයාට උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...