spot_img
spot_img

GMOA එකට අලුත් සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­ප­ති­ව­රයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සංජිව තෙන්න­කෝන් සහ නව ලේක­ම්ව­රයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහ­ත්වරු ඒක­ම­ති­කව තෝරා පත් කර­ගෙන තිබෙනවා.

සංග­මයේ 97 වැනි සභා­ප­ති­ව­රයා සහ ලේක­ම්ව­රයා ලෙස සංග­මයේ සාමා­ජි­ක­ත්වය විසින් පෙරේදා (29) දිනයේ දී මෙම ධුර­යන් තෝරා පත්කර ගෙන තිබුණා.

සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනුව මෙම තෝරා පත් කර ගැනීම් සිදු කර තිබුණා.

වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු අතර, විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් මහතා රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියු­තුව සිටිනවා.

සංග­මයේ ඉදිරි කට­යුතු ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව විනි­වි­ඳ­භා­ව­ය­කින් යුතුව කර­ගෙන යාම­ටත්, සංග­මයේ සාමා­ජි­ක­ත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් ලබා­දී­මට මෙන්ම රෝගී ජන­තා­වට වඩාත් යහ­පත් සෞඛ්‍ය සේවා­වක් උරු­ම­කර දීම සංග­මයේ අපේ­ක්ෂාව බව නව නිල­ධා­රීන් සඳහන් කරනවා.

වෘත්තීය සමිති ක්‍රියා­මා­ර්ග­යන්ට අව­තීර්ණ වීම හැකි පමණ අවම කර­මින් සාකච්ඡා මාර්ග­යෙන් අවශ්‍ය ගැටලු විසඳා ගැනී­මට සැල­සුම් කරන බවද ඔවුන් පවසනවා.

සංග­මයේ හිටපු සභා­පති විශේ­ෂඥ වෛද්‍ය දර්ශන සිරි­සේන සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහ­ත්වරු සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව පසු­ගි­යදා සිය තන­තු­රු­ව­ලින් ඉවත් වී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...