spot_img
spot_img

GMOA එකට අලුත් සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­ප­ති­ව­රයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සංජිව තෙන්න­කෝන් සහ නව ලේක­ම්ව­රයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහ­ත්වරු ඒක­ම­ති­කව තෝරා පත් කර­ගෙන තිබෙනවා.

සංග­මයේ 97 වැනි සභා­ප­ති­ව­රයා සහ ලේක­ම්ව­රයා ලෙස සංග­මයේ සාමා­ජි­ක­ත්වය විසින් පෙරේදා (29) දිනයේ දී මෙම ධුර­යන් තෝරා පත්කර ගෙන තිබුණා.

සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනුව මෙම තෝරා පත් කර ගැනීම් සිදු කර තිබුණා.

වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු අතර, විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් මහතා රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියු­තුව සිටිනවා.

සංග­මයේ ඉදිරි කට­යුතු ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව විනි­වි­ඳ­භා­ව­ය­කින් යුතුව කර­ගෙන යාම­ටත්, සංග­මයේ සාමා­ජි­ක­ත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් ලබා­දී­මට මෙන්ම රෝගී ජන­තා­වට වඩාත් යහ­පත් සෞඛ්‍ය සේවා­වක් උරු­ම­කර දීම සංග­මයේ අපේ­ක්ෂාව බව නව නිල­ධා­රීන් සඳහන් කරනවා.

වෘත්තීය සමිති ක්‍රියා­මා­ර්ග­යන්ට අව­තීර්ණ වීම හැකි පමණ අවම කර­මින් සාකච්ඡා මාර්ග­යෙන් අවශ්‍ය ගැටලු විසඳා ගැනී­මට සැල­සුම් කරන බවද ඔවුන් පවසනවා.

සංග­මයේ හිටපු සභා­පති විශේ­ෂඥ වෛද්‍ය දර්ශන සිරි­සේන සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහ­ත්වරු සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව පසු­ගි­යදා සිය තන­තු­රු­ව­ලින් ඉවත් වී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...