spot_img
spot_img

ලොතරැයි ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, ජයෝදා, කප්රුක සසිරි යන ලොතරැයි පත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා සහ ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව Toppan Forms (Colombo) Ltd., DPJ Holdings (Pvt) Ltd. Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...