spot_img
spot_img

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 74 වැනි වියෙහි පසු වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1950 අප්‍රේල් 05 වැනිදා උපන් කුමාර වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

එමෙන්ම 1984 සිට 2000 දක්වා කාලය තුළ අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූයේ ඔහුයි.

පසුව 2007 සිට 2010 දක්වා ඔහු කාර්මික සංවර්ධන අමාත්‍යවරයා වූ අතර, 2010 සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා වී තිබෙනවා.

එමෙන්ම ඔහු 2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්.

අනතුරුව ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක් වූණා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...