spot_img
spot_img

පාස්කු වින්දිතයන්ට රුපියල් මිලියන 62ක් ගෙවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා.

මේ වන විට ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) දිනයේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසුවේ දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවයි.

මේ අතර වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල විභාග වෙමින් පවතිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...