spot_img
spot_img

පළමු වරට සල්ලි දීලා පාර්ලිමේන්තුවෙන් කන මන්ත්‍රීවරු

අද (05) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා රුපියල් 2,000ක මුදලක් ගෙවීමට සිදුවනවා.

පාර්ලිමේන්තුවේ ආහාර මිල ඉහළ නැංවීම මේ මස පළමු වන දින සිට ක්‍රියාත්මක වුව ද මේ මාසය සඳහා පාර්ලිමේන්තුව රැස් වූයේ අද දිනයේ වන බැවින් මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා අදාළ ගාස්තුවට ගෙවීමට සිදුවනු ඇති.

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට පසුගිය 23 වනදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කෙරුණා

ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

තේ එකක මිල රුපියල් 200ක්

මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...