spot_img
spot_img

වලංගුභාවය සොයන්න E 8 වීසා ගිවිසුම් අද නීතිපතිට

විවිධ පාර්ශවවලින් ලැබුණු E 8 වීසා ගිවිසුම් අද(25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන්.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඊ 8 වීසා යනු කෙටිකාලීනව මාස 8 ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් බවයි.

මේ අතර, කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු එහෙත් කොරියාවට යෑමට අවස්ථාව නොලැබුණු පිරිසක් එක්ව සිදුකරන විරෝධතාව අදත් ක්‍රියාත්මක ය.

සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊ 8 වීසා එකමුතුව නමින් -අද තුන්වැනි දිනටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ක්‍රියාත්මක
බව විරෝධතාකරුවන් පැවසුවා.

107 දෙනෙකුගෙන් යුතු එම පිරිසට දකුණු කොරියාවට යෑමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන්.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...