spot_img
spot_img

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයිනවා.

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණා.

එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණා.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන්.

අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත එම යෝජනාව ලබන වසරේ ජනවාරි මස තුන්වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට හැකියාව පවතී.

මේ අතර මෙම වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඔක්තෝබර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි.

එමඟින් 6%ක් පමණ විදුලි ගාස්තු පහළ යාමක් සිදුකිරීමට යෝජනාවී තිබූ බව වාර්තා විය.

එහෙත් ලබාදුන් එම යොජනාවලියේ පැවති ප්‍රධාන දෝෂ තුනක් පෙන්වාදුන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය වෙත පැවසුවේ එය නිවැරදි කරමින් යෝජනාව ලබාදෙන ලෙසය.

ඒ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් මස 8 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට කාලය ලබාදුන් අතර ඔවුන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවන් නොවැම්බර් මස 22 දක්වා කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

එහෙත් විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් අද දිනය දක්වා එම කාලය දීර්ඝ කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා නොදුනහොත් ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකරන බව විදුලිබල මණ්ඩලය වෙත ලිපියකින් දැනුම්දී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...