spot_img
spot_img

අවුරුදු 12ට අඩු ළමුන් යොදා ගැනීම තහනම්

අවුරුදු 12ට අඩු ළමුන් ජනවාරි (01) වැනිදා සිට වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සදහන් කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා,

“විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි (01) වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි.

මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි (01) වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...