spot_img
spot_img

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරියෙක් ලංකාදීපයට පවසා තිබෙනවා.

එම මණ්ඩලය යෝජනා ඉදිරිපත් කිරීමට දෙවැනි වරටත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති හයත් අටත් අතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා සදහන් කර තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග එම කොමිසමට ඉදිරිපත් කළ ද එහි විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.

අදාළ යෝජනා මෙම මස 8 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ නොහැකි යැයි ද දන්වා තිබීමෙන් මේ මස 22 වැනිදා දක්වා කාලය දුන් බවත් ඉන් පසුව තවත් සති දෙකක කාලයක් දෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

එම සති දෙකෙන් ද පසුව දෙසැම්බර් මස 6 වැනිදා යෝජනා ලැබෙනු ඇතැයි එම කොමිසම විශ්වාසර කරන බවත් එදින විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කළ ද විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසර දක්වා කල්යනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන්.

(ලංකාදීප වෙබ් අඩවිය ඇසුරෙන්)

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...