spot_img
spot_img

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙසින් එම පැමිණිලි වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...