spot_img
spot_img

මහින්ද ආණ්ඩුවෙන් ඩග්ලස් කෝටි ගණන් මුදල් ගසා කාලා

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ රුපියල් කෝටි ගණන් මුදල් වංචා සහගතව ලබාගත් බව ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා චෝදනා කරනවා.

ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ සාමාජිකයින් හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මේ ආකාරයට එක් සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා එවකට රජයෙන් මුදල් ලබාගෙන තිබෙන බවද සුඛපයියා පොන්නයියා වැඩිදුරටත් පවසනවා.

ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000 කටත් අඩු බවත් එයට අමතරව ඉතුරුම් ලෙස අදාල මුදලින් රු.3,000ක් අඩු කරනු ලැබූ බවත් එම අඩු කළ මුදල විශ්‍රාම ගිය පසු එකතු කර දෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවද සුඛපයියා පොන්නයියා පවසනවා.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු සභික සුඛපයියා පොන්නයියා මේ බව සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...