spot_img
spot_img

මාලිමා මන්ත්‍රීවරුන්ගේ පට්ටන්තරය හොයන්න කාරක සභාවක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලුම අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී ‌පෙරමුණ තීරණය කර තිබෙනවා.

වත්මන් කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමන් විසින් අද‍ාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...