නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට සිදුවිය හැකි යම් කිසි තර්ජනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පසුගියදා රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පැවති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර මින් පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තීරණාත්මක නඩු කටයුතු රැසක් සම්බන්ධයෙන්ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා.
පසුගිය 22 දා රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමේදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාට රනිල් වික්රමසිංහ මහතාගේ ආධාර කරුවන් විසින් විවිධ තර්ජනාත්මක මෙන්ම අපහාසාත්මක ප්රකාශයයන් සිදුකළ බවද වාර්තා වෙනවා.
නඩු කටයුතු අවසන් වීමෙන් පසු ආරක්ෂක හේතූන් මත ඔහුට අධිකරණ භූමියෙන් පිටවීමට නොහැකිව රැඳී සිටි බවද වාර්තා වෙනවා.
කෙසේවෙතත් ඩුබායි හි රැඳී සිටිනා කණ්ඩායමක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට යම් හානියක් කිරීමට සැළසුම් කරමින් සිටිනා බවට පොලිස්පතිවරයාට තොරතුරු ලැබී තිබෙව්නවා.




